Course

Categories

2024 උසස් පෙළ සංයුක්ත ගණිතය පාසල් විෂය නිර්දේශය

shalika Kodagoda
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

ආදරණීය දුවේ, පුතේ...


 උසස් පෙළ විභාගය කියන්නේ, ඔබගේ ජීවිතයට මුණගැසෙන එක් තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක්. මේ කඩයිම සාර්ථක කරගැනීමට ඔබගේ උත්සහය සහ කැපවීම ඉතාම වැදගත්. ඇත්තටම ඔබගේ උත්සාහය, සාර්ථකත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා කිව්වොත් මා නිවැරදියි. මුලින්ම ඉහළ ඉලක්කයක් ඇති කරගන්න. සෑම මොහොතකම ඔබගේ විභාගය පිළිබඳව සුභවාදීව සිතන්න. ඉලක්ක තබා ගත් පමණින් ඔබගේ සියලූ ප‍්‍රාර්ථනා සැබෑ වෙන්නේ නෑ. ඒ සඳහා අඛණ්ඩව කැපවෙලා, වෙහෙසිලා කටයුතු කළ  යුතුයි. ඔබ වෙනුවෙන් කැපවෙන්න මම සූදානම්. අපට අවශ්‍ය වන්නේ ඔබගේ උද්යෝගිමත් කැපවීම හා අප ගැන තබනා විශ්වාසයයි.

 සංයුක්ත ගණිතය නම් වූ බහුපද ශි‍්‍රතයේ,  සංකීර්ණ වූ ප‍්‍රමේයයන් සියල්ලම නිරවුල්වල සැකයන් ශේෂ නොකරගනිමින් පරිපූර්ණව cos 90 සිට tan 90  දක්වා සීමා රහිතව අපරිමිත බලයක් යොදමින් කිසිඳු ප‍්‍රතිරෝධී බලයකට හසුනොවී නියමිත දිශානතියක් ඔස්සේ "A" නම් සම්ප‍්‍රයුක්ත බලය කරා ළඟාවීමට එන්න....

වැඩ මතම හැඩවන ඉංජිනේරුවන් තනන අපේ කාලයේ ඉංජිනේරුවා වෙතට..


 සම්ප‍්‍රදායික අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් online තාක්ෂණය ඔස්සේ ඔබව දිනවන අපේ වැඩපිළිවෙළල


0 ඉදන්ම සියලූ සිද්ධාන්ත ආවරණය වන අංග සම්පූර්ණ නිබන්ධන ලබා දීම

සෑම ඒකකයක් අවසානයේම ඒකක පරීක්ෂණ පැවැත්වීම

ස්වයං අධ්‍යනය සඳහා විශේෂ වූ නිබන්ධන හා පිළිතුරු පත‍්‍ර ලබා දීම

ඔබට පවතින  සියලූම ගැටලූ විසඳා ගැනීම සඳහා ගුරුවරයා හා සම්බන්ධ වීමට අවස්තාව ලබාදීම


 අද සිටම ඔබගේ ඉලක්කයට සිත යොමාගෙන, නොකඩවා, නොනැවතී ඉදිරියට ගමන් කරන්න.  එවිට, නිසැකයෙන්ම ඔබ ඔබේ සිහිනයට ළඟා වනු ඇත. ඔබේ සිහින යතාර්ථයක් කිරීමට කැපවන මා ඔබේ ඇඳුරු, 

    ඉංජිනේරු,

           ශාලික කෝදාගොඩ

BSc.(Hon's) Electrical & Electronic Engineering


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews